කොටි උද්ඝෝෂණයට නොගිය දෙමළ ජාතිකයන්ට තර්ජන

කොටි උද්ඝෝෂණයට නොගිය දෙමළ ජාතිකයන්ට තර්ජන

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත් වූ කොටි හිතවාදී උද්ඝෝෂණයට සහභාගි නොවූ එරට සිටින දෙමළ ජාතිකයන්ට ජාත්‍යන්තර කොටි ජාලය විසින් මරණ තර්ජන කර තිබේ.

මෙම තර්ජන සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි නොකරන ලෙසට කොටි ජාලය දෙමළ වැසියන්ට ප්‍රකාශ කර ඇති බවට මෙරට ආරක්ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එංගලන්තයේ සංචාරයක නිරත වූ අවස්්ථාවේ ඔහුට විරෝධය පෑම සඳහා මෙම උද්ඝෝෂණය ඉකුත් අඟහරුවාදා කොටි විසින් ලන්ඩන් නුවර පවත්වන ලදී.

මෙම උද්ඝෝෂණයට තුන් දහසකට අධික පිරිසක් සහභාගි කර වීමට කොටි ජාත්‍යන්තර ජාලය උත්සාහ දරා ඇතත් මේ සඳහා සහභාගි වී ඇත්තේ පන්සියයකට අඩු පිරිසකි.

කොටි ජාත්‍යන්තර ජාලයේ එංගලන්තයේ සිටින ප්‍රධානීන් ලෙස සැලකෙන තංගන් නොහොත් රවි අප්පා සහ රවි ක්‍රිෂ්සන් යන කොටි නායකයන් මෙම උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව පැවසේ. එයට සහභාගි වී සිටි පිරිස අතර කොටි සාමාජිකයින් සහ කොටි හිතවාදී සංවිධානවල සාමාජිකයින් රැසක් මෙරට ආරක්ෂක අංශ විසින් හඳුනා ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා