රැහැන් සොරු තවම නිදැල්ලේ

රැහැන් සොරු තවම නිදැල්ලේ

අහංගම පොලිස් බල ප‍්‍රදේශයේ දී පෙරේදා රාත‍්‍රියේ දී දුරකථන සමාගමකට අයත් රැහැන්මීටර් තිහක පමණ තොගයක් සොරකම් කර ඇත. මෙහි වටිනාකම රුපියල් විසි දහසකට ආසන්න බව,අදාළ දුරකථන සමාගම අහංගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අශෝක වෛද්‍යරත්න මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා