මිල්ලනියේ රණවිරුවන්ට ඉඩම් ඔප්පු තවම නෑ

 මිල්ලනියේ රණවිරුවන්ට ඉඩම් ඔප්පු තවම නෑ

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රණවිරුවන් වෙනුවෙන් මීට වසර 15 කට ඉහත දී ආරම්භ කරන ලද රණවිරුගම ගම්මානයේ පදිංචි රණවිරුවන්ගේ ඉඩම්වලට මෙතෙක් ස්ථිර ඔප්පු ලබා දී නැතැයි රණවිරුවෝ කියති.

දැනට මේ රණවිරුගම ගම්මානයේ පදිංචි සංඛ්‍යාව පවුල් 101 කි.

ඔවුන්ගේ ඉඩම් සඳහා ඔප්පු ලබාදීමට මීට මාස 9 කට පමණ ඉහත දී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය මගින් මුදල් භාරගෙන ඇතත්, ඒවා මෙතෙක් ලබා දීමට පියවර ගෙන නැතැයි ඉඩම්ලාභීහු කියති.

මේ නිසා ඔවුන්ට තම නිවාස තනාගැනීම සඳහා ණයක් ලබාගැනීම හෝ දරුවන් පාසල්වලට ඇතුළත් කරවීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇතැයි කියති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා