කුඩා ගඟ හරහා තැනූ පාලමෙන් කොට්ඨාස දෙකකට සෙත සැලසේ

කුඩා ගඟ හරහා තැනූ පාලමෙන් කොට්ඨාස දෙකකට සෙත සැලසේ

අගලවත්ත හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කෙරෙන කුඩා ගඟ හරහා පරගොඩ තොටුපළේ ඉදිකළ පාලමේ ඉදිකිරීම් වැඩ අවසන් වී තිබේ.

ඕස්ට්‍රේලියානු රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 633ක මුදලක් පාලම ඉදිකිරීම සඳහා වැය කර ඇත.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් අවට පදිංචි කරුවෝ වෙතොත් ප්‍රවාහන පහසුකම් සලසා ගත්තේ තොටුපළේ තිබුණ පාලම් පාරුවෙනි.

පාලම ඉදිවීමෙන් පසු බුලත්සිංහල, මෝල්තාව බස්සේවාවක්ද ආරම්භ කර ඇත.

කුඩාගඟේ පරගොඩ තොටුපළට ඉදිවූ නව පාලම
ඡායාරූපය :– මතුගම සංචාරක

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා