ග්‍රාම නිලධාරි වසම් 101කට කෝටි 10ක ප්‍රතිපාදන

ග්‍රාම නිලධාරි වසම් 101කට කෝටි 10ක ප්‍රතිපාදන

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ සංවර්ධන ක්‍රියාවලියක් සඳහා එක් ග්‍රාම නිලධාරි වසමකට රුපියල් ලක්ෂ 10 බැගින් ග්‍රාම නිලධාරි වසම් 101ක් වෙනුවෙන් රුපියල් 10,10 0,0000ක මුදලක් ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශය මඟින් වෙන්කොට ඇත.

ගම්පහ කොට්ඨාසය නියෝජනය කරන ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත මේ මුදල් ප්‍රමාණය වෙන් කර ඇති බවත් මෙමඟින් පොදු කටයුතු සහ යටිතල පහසුකම් සැලැසීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුගත් සුසන්ත මහතා පැවැසී ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා