කොටි කටේ සිරවූ ජනතාව ගැන එජාපයෙන් බොරු චෝදනා

කොටි කටේ සිරවූ ජනතාව ගැන එජාපයෙන් බොරු චෝදනා

හාරලක්‍ෂයක සිවිල් ජනතාවක් වන්නියේ හිරවී ඇතැයි විපක්‍ෂය නඟන චෝදනා මුලතිව් දිසාපතිගේ වාර්තාවෙන් බොරු වන බව ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කෙළේය.

එල්. ටී. ටී. ඊ. ය විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇති පිරිස, මුලතිව් දිසාපති විසින් රජය වෙත ඉදිරිපත් කැර ඇති වාර්තාවට අනුව එක්ලක්‍ෂ දහතුන්දහස් අටසිය තිස්දෙකක් වුවද විපක්‍ෂය මගින් එසේ අවතැන්වූවන් ලක්‍ෂ හතරක ප‍්‍රමාණයක් ඇතැයි අසත්‍ය ප‍්‍රකාශයක් නිකුත් කැර ඇතැයි ඊයේ (03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසීය.

රජය මේ වන විට එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් මිදී එන සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු සියලුම අවශ්‍ය පහසුකම් සලසමින් සිටින බවත්, මේ වන විට වවුනියාවට පවුල් 940 ක පුද්ගලයන් 2913 ක් පැමිණ ඇති බවද, ඔවුන් සුබසාධන මධ්‍යස්ථාන 3 ක රඳවා අවශ්‍ය පහසුකම් සියල්ලම සපයා ඇති බවද මෙහිදී අවධාරණය කෙළේය.

එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයේ පසුවන සිවිල් ජනතාවට ආහාර සැපයීමට අවශ්‍ය සංවිධානයක් ඇත්නම් රජය මගින් පැය 4 ක කාලයක් විවෘත කැර ඇති ඔඩ්ඩුසුඩාන් උතුර මුරපොළ හරහා ආහාර රැගෙන යා හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා