ඉදිරියේ තිබෙන කිසිදු මැතිවරණයක් එජාපයට ජයගන්න බෑ

ඉදිරියේ තිබෙන කිසිදු මැතිවරණයක් එජාපයට ජයගන්න බෑ

- නියෝජ්‍ය කථානායක

එක්සත් ජාතික පක්ෂයට මින් පසුව මේ රටේ පවත්වන කිසිම මැතිවරණයකින් ජය ගත නොහැකි බවත්, එය පරාජයම උරුම කැරගත් පක්ෂයක් බවට පත්වී ඇති බවත් නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා පැවැසීය.

ඒ මහතා එම අදහස පලකෙළේ හලාවත - කරවිටාගාර මංසන්ධියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය සහතික කරන ජනහමුවකදීය.

තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

මහින්ද චින්තනය මල්පල ගන්වමින් හලාවත මැතිවරණ බල ප‍්‍රදේශයේ 2008 වසරේ මිලියන දෙසීයක මුදලක් යොදවමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කැර තිබෙනවා.

දැනටමත් ඡන්ද පොළ කමිටු අසූ දෙකක් පිහිටුවා, හලාවත මැතිවරණ බල ප‍්‍රදේශය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමේ අඩිතාලම දමා ඇත.

සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත වීරෝදාර රණවිරුවන් යුද්ධය නිමාකැර සාමය ස්ථාපිත කිරීම ස¼ඳහා ගෙන යන මානුෂික මෙහෙයුමට ශක්තිය ලබා දෙන්නට එක්සත් ජාතික පාක්ෂිකයෝ බුරුතු පිටින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා රොක් වනවා.

පුත්තලම දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජානක ප‍්‍රදීප් ද සොයිසා මහතා.

වසර 18 ක් හලාවත ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් වසර 14 ක් ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධූරය දරමින් දේශපාලන පක්ෂ භේද ඉවතලා ජනතාවට සේවය කළා. තවදුරටත් ඒ ජනතා මෙහෙවර ඉදිරියට ගෙනයාමට වයඹ පළාත් සභාවට තෝරා පත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා