අවාසනාවන්තම විපක්ෂ නායකයා රනිල් වික‍්‍රමසිංහයි

අවාසනාවන්තම විපක්ෂ නායකයා රනිල් වික‍්‍රමසිංහයි

- ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන


ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස අමතා කථා කළ අයුරු.

රනිල් වික‍්‍රමසිංහ මේ රටේ විපක්‍ෂ නායකයන් ගෙන් අවාසනාවන්තම නායකයා බවත් රනිල් සිටින තුරු එ ජාපයට මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩඒමට නොහැකි බවත් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සංවර්ධන ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

රත්තොට ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයේ ඡන්ද පොළ නියෝජිතයන් හා ශී‍්‍රලනිප පාක්ෂකයන් දැනුවත් කිරීම සඳහා රත්තොට නගරයේ පැවැති රැස්වීමක් අමතමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.

ඒ මහතා මෙසේද ප‍්‍රකාශ කෙළේය.

රනිල් ගේ නායකත්වය පක්ෂය පෝෂණය කරනවා වෙනුවට පිරිහීමට ලක් කරනවා.

අපේ ගමවල අඩුපාඩු තියෙනවා. ඒවා ඉදිරිකාලයෙ විසඳීමට පියවරගෙන තිබෙනවා. ජනතාව ගේ් සිතුම් පැතුම් අනුව කටයුතු කරන ජනාධිපතිවරයෙක් රටට බිහිවීම ජනතාවගේ වාසනාවක්.

ජනපතිතුමා සියල්ලටම වඩා රට දැය සමය, වෙනුවෙන් ප‍්‍රමුඛස්ථානය ලබාදී තිබෙනවා. ඒ නිසා ජනතාව අද වන විට එක්සත් ජනතා නිදහස් පෙරමුණ වටා ඒක රාශි වී සිටිනවා.

රට බේරාගැනීම සඳහා මේ ගෙනයන වීරෝදාර කි‍්‍රයාවට සියලු දෙනාම එක පෙරමුණක් ලෙස සැදී පැහැදී පෙරමුණ ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

රත්තොට ශී‍්‍රලනිප සංවිධායක මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර බන්දුල යාලෙගම මහතා

මගේ පියාගේ කාලයේ සිට කළ සංවර්ධන කි‍්‍රයාවලිය දිගටම රැගෙන ආවා.

මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති තුමා පිළිබඳව ජනතාවගේ විශාල විශ්වාසයක් හා ආදරයක් තියෙනවා. ඒ නිසා අපට මැතිවරණයේදී ගැටලු හා ප‍්‍රශ්න නැහැ. අපේ ජය නියතයි . ජනතාව සිය විශ්වාසයද අප කෙරේ තහවුරු කැර තියෙනවා.

ඒ නිසා මෙවර මැතිවරණයෙන්ද අප ජය ලබන බව තරයේ විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරීන් අප හා එක්වී සිටිනවා. ගමින් ගමට යමින් අපි ජනතාවට දේශපාලන ශක්තිය ලබා දෙනවා. මෙහිදී මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර ධම්මික අංගම්මන, රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී. ඩී ජයතිස්ස යන මහත්වරුද කතා කළහ.

ගොවි ජන සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ඇතුළු ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා