හැඳල ඩෙංගු මර්දනය කරන්න ගෙන් ගෙට යාමේ වැඩපිළිවෙළක්

හැඳල ඩෙංගු මර්දනය කරන්න ගෙන් ගෙට යාමේ වැඩපිළිවෙළක්

හැඳල තිඹිරිගස්යාය හරස්පාර සුභ සාධන සමිතිය ඩෙංගු මර්දනය සඳහා ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමත් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමත් ජුනිමස 13 මෙහි සෙනසුරාදා දවසපුරා සිදුකිරීමට විධිවිධාන යොදා තිබේ.

මෙම ව්‍යාපෘතිය වත්තල වෛද්‍ය නිලධාරී වෛද්‍ය හියු වීරක්කොඩි හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේ සහභාගිත්වය හා මග පෙන්වීම යටතේ සිදු කරනු ලැබේ.

නව සුභ සාධක සංගමයේ සියලුම සාමාජිකයන් ස්වේච්ඡාවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කාලීන අවශ්‍යතාවය මත සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටී.

මෙහිදී පෝස්ටර් මගින් හා අත්පති‍්‍රකා මගින් නිවැසියන් දැනුවත් කරන අතර නිවසින් නිවසට ගොස් මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කර ඒවා ශුද්ධ පවිත‍්‍ර කිරීමද මේ ව්‍යාපෘතියෙන් සිදුකරන අතර වර්තමාන නීතිමය විධිවිධාන ගැනද නිවැසියන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි සංවිධායකයෝ පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා