සමෘද්ධි වැඩසටහන් 1134 ක්

සමෘද්ධි වැඩසටහන් 1134 ක්

ගම්පහ – ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි මහ බැංකු සංගමය මගින් මේ වසර තුළදී කි‍්‍රයාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 1134 ක් යෝජනා කර ඇත. ඒ සඳහා තක්සේරුකරණ ලද මුදල රුපියල් හැත්තෑහතර ලක්ෂ අනූදහසකි.

මෙම ව්‍යාපෘති අතරින් දැනට රුපියල් හය ලක්ෂ හැට දෙදහස් එකසිය අනූ නවයක් රුපියල් (6,62199) වැයකර සකී‍්‍රය කිරීම සඳහා ව්‍යාපෘති 40ක් අනුමත වී ඇත.

එම සංඛ්‍යාව අතරින් මේ වනවිට රුපියල් දෙලක්ෂ දස දහසක් (රුපියල් 2,10,000/-) ක් වැයකර ව්‍යාපෘති 15 ක් කි‍්‍රයාත්මක වෙමින් පැවතින බව ගම්පහ සමෘද්ධි මහ බැංකු සංගමයේ මූලස්ථාන කළමණාකාර නිලධාරිණී කේ.සුජාතා මහත්මිය පැවසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා