කෝටි ගණන් මුදල් වංචා කර පැනගිය යුවළගේ දරුවාට රැකවල්

කෝටි ගණන් මුදල් වංචා කර පැනගිය යුවළගේ දරුවාට රැකවල්

නැදුන්ගමුව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මුදල්, වෙන්දේසි සීට්ටු මුදල් හා රන් ආභරණ එක්රැස් කර ගෙන ඇගේ සැමියා සමඟ අතුරුදහන්වීමෙන් පසුව ඇයගේ පාසල් යන දරුවාගේ ජීවිතයට හානි සිදුවීමට ඉඩ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම දරුවා වැලිවේරිය පොලිසිය මගින් පොලිස් භාරයට ගනු ලැබීය.

12 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි එම දරුවා පාසල් යාමට තිබෙන ආශාව නිසා මවුපියන් සමඟ නො ගොස් මිතුරන්ගේ නිවෙස්වල නැවතී පාසල් යමින් සිටියදී මෙසේ පොලිස් භාරයට ගැනිණි.

මේ පාසල් දරුවා පසුගිය දා ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අනුර කුමාර හේරත් මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ඔහු ආරක්ෂිත ස්ථානයක රදවා තැබීමට නියම කෙරුණි.

මේ පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝශාන් රාජපක්‍ෂ මහතා තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා