බීමතින් උසාවි පැමිණි සැකකරු රක්ෂිතයට

බීමතින් උසාවි පැමිණි සැකකරු රක්ෂිතයට

ගම්පහ අධිකරණ බල ප‍්‍රදේශයේ ඉඳිගොල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකු නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ගම්පහ අධිකරණයේ පෙනි සිටියේය.

සැකකරුගේ නම අඬ ගසනවාත් සමඟම ශබ්දනගමින් බොරුවට නඩු දමලා කියමින් වැනි වැනි විත්ති කුඩුවේ සිටිමින් අධිකරණයට බාධා වන අයුරින් හැසිරීම නිසා ඔහුට අධිකරණ වෛද්‍යවරයා ළඟට ඉදිරිපත් කොට වාර්තාවක් සමඟ ඉදිරිපත් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියම කෙළේය.

ඒ අනුව සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට නැවත අධිකරණයට ඉදිරිපත් කලවිටද , චෝදනාවලට වරද පිළිනොගත් නිසාවෙන් ජූනි 15 දිනතෙත් රිමාන්ඩ් බාරයට නියම විය. පැමිණිල්ල ගම්පහ පොලිසියෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා