ඩෙංගු මර්දනයට කළුතරිනුත් සහාය

ඩෙංගු මර්දනයට කළුතරිනුත් සහාය

කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නාලධාරීන්ගේ අන්‍යොන්‍ය සහාය ලබා ගනිමින් දිසාව පුරා සතියක ඩෙංගු මදුරු උවදුර මැඩලීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත.

ඒ සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ක්ද ප‍්‍රාදේශීය සභා සියල්ලද ඇතුළු දිසාව පුරා පොලිසි, පාසල් හා ස්වේච්ඡා සංවිධානවල සහායද ලබගැනේ.

එසේම සියලුම ග‍්‍රාමසේවා වසමක් තුළම ඩෙංගු මැඩලීම සිදු කරනු ලබයි.

හැම ගෙවත්තක්ම පවිත‍්‍රව තබා තබාගැනීමට ගෘහ හිමියන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන අතර ගොවි ගෙවිලියන් යථා පරිදි එම උපදෙස් අනුගමනය කළාද ? නැද්ද යන්න විමසා බැලීම පසු විපරමක් ලෙස සිදුකැරේ.

පාසල සිසු සිසුවියන් දැනුවත් කිරීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ වගකීම ව්‍යාප්ත කරනු ලැබේ.

ඒ අනුව රෝගයේ ඇති අනතුරුදායකත්ත්වය මෙන්ම එහි ඇති භයානක තත්ත්වය අනුව සෞඛ්‍ය සුරක්ෂිත කර ගැනීමේ වටිනාකම ඔවුන්ට අවබෝධ කිරීමද සිදු කැරේ.

ගෙවතු තුළ කුණු කසළ රොක්වීමෙන් සිදුවන උවදුරු මෙන්ම එහි ඇති සෞඛ්‍ය තර්ජනය නිසා කඩිනමින් පවිත‍්‍රව තබා ගැනීමේ උපදෙස් ගෘහනියන් අතර ව්‍යාප්ත කිරීමේ යහ වැඩපිළිවෙළක් ද වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා