සහීර් ඛාන් ඉන්දියාව දිනවයි

සහීර් ඛාන් ඉන්දියාව දිනවයි

ඕවර විස්සයි /20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසාන තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කී‍්‍රඩකයෝ සමත් වූහ.

නොටිංහෑම් හී පැවැති මේ තරගයේ දී ඉන්දීය කී‍්‍රඩක සහීර් ඛාන් ප‍්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 19 කට දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

අයහපත් කාලගුණය හේතුවෙන් තරගය ඕවර 18කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය ලකුණු 112ක් ලබාගත් අතර ඉන්දියාව එම ඉලක්කය තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් රෝහිට් ෂර්මා පන්දු 45ක දී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමග ලකුණු 52ක් ලබා ගත්තේය.

අයර්ලන්තය - කඩුලු 8 ක් දැවී 112 (18.0) ගෑරී විල්සන් 19, ඇන්ඩෘ වයිට් 29, ජෝන් මුනි 19, සහීර් ඛාන් 19/4, ප‍්‍රග්යාන් ඕජා 18/2

ඉන්දියාව – කඩුලු 2 ක් දැවී 113 (15.3) ගෞතම් ගම්භීර් 37, රෝහිට් ෂර්මා 52

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා