35 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ මැරතන් - පාපැදි සහ ඇවිදීමේ තරග 14දා

35 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ මැරතන් - පාපැදි සහ ඇවිදීමේ තරග 14දා

35 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන්, පාපැදි හා ඇවිදීමේ තරග මේ මස 14 වැනිදා දෙහිඅත්තකණ්ඩියේදී ආරම්භ කෙරේ.

දෙහිඅත්තකණ්ඩිය මහවැලි කී‍්‍රඩාංගණය ඉදිරිපිටදී මෙම සියලු තරග ආරම්භ කිරීම හා අවසන් කිරීම සිදුකෙරේ.

කිලෝමීටර් 42.195 දුර පිරිමි හා කාන්තා මැරතන් තරගය පෙ.ව. 6 ට දෙහිඅත්තකණ්ඩිය මහවැලි කී‍්‍රඩාංගණය ඉදිරිපිටින් අරඹා මහියංගණය පාරේ ඔබරියාව සමූපකාර වෙළෙසැල අසලින් ආපසු හැරී එම මාර්ගයේම තරග ආරම්භක ස්ථානයට පැමිණ අවසන් කිරීම සිදුකරයි.

කිලෝමීටර් 20 ක් දුර පිිරිමි හා කාන්තා ඇවිදීමේ තරගය පෙ.ව. 6.30 ට ද පාසල් බාලක/බාලිකා මැරතන් තරගය උදෑසන 7.30 ද ආරම්භ කෙරේ.

පාපැදි පිරිමි තරගය උදේ 9.45 ට ආරම්භ කර මුවගම්වන-සඳුන්පුර- කුඩාගම-උල්හිටිය-බෙලගම්වැව හන්දිය-ගොබරියාව-ගිරාඳුරුකෝට්ටේ ඉදිරිපිට බතලයාය හන්දිය-මහියංගණ හන්දිය-මාපාකඩ වැව-17 හන්දිය-එම මාර්ගය ඔස්සේ ආපසු පැමිණ මහවැලි කී‍්‍රඩාංගණය අසලින් අවසන් කෙරේ.

පාපැදි කාන්තා තරගය උදේ 10 ට ආරම්භ කෙරෙන අතර මුවගම්මන- සඳුන්පුර–කුඩාගම-උල්හිටිය-බෙලගම්වැව හන්දිය-ගොබරියාව- ගිරාඳුරුකෝට්ටේ ඇඟලුම් කම්හල-ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වටරවුම-එම මාර්ගය ඔස්සේම ආපසු පැමිණ මහවැලි කී‍්‍රඩාංගණය අසලින් අවසන් කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා