සා. සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 181ක විශිෂ්ට ජයක්

17න් පහළ කි‍්‍රකට්

සා. සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 181ක විශිෂ්ට ජයක්

ශ‍්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ මොරටුව සාන්ත සෙබස්තියන් සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැති තරගයෙන් ලකුණු 181 විශිෂ්ට ජයක් ලබා ගැනීමට සෙබස්තියන් විද්‍යාලයේ සමත් විය.

මොරටුවේ පැවැති මේ තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඕෂධ ප‍්‍රනාන්දු සහ දේශාන් ඩයස් පළමු කඩුල්ලට වාර්තා ගත ලකුණු 210 සබඳතාවයක් ගොඩ නැගූහ.

සෙන් සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක් දැවී 305 (50.0) ඕෂධ ප‍්‍රනාන්දු 152, දේශාන් දිසා 62, අමිල අපොන්සු 26, (නොදැවී) , රයන් අසේල 54/3, එම්. ජේ. බොන්සෝ 36/2,

වෙස්ලි විද්‍යාලය 124 – (47.5) කේ. කදිරමන්පුල්ලේයි 40, එම්. ජේ බොන්සෝ 19, ඕෂධ ප‍්‍රනාන්දු 17/3, අනුෂ්ක පෙරේරා 05/2

සාන්ත පීතරයන්ට ලකුණු 134 ක ජයක්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ කේරි විද්‍යාලය අතර දුම්රි ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 134 ක ජයක් ලැබීමට සාන්ත පීතරයෝ සමත් වූහ.

මේ තරගයේ දී පීතරයන් වෙනුවෙන් නිලෝෂාන් පෙරේරා (66) සහ සිදත් ජයවීර (03/3) දක්ෂතා දැක්වූහ.

සාන්ත පීතර විද්‍යාලය සියලු දෙනාම දැවී 235 – (48.4) නිලොෂන් පෙරේරා 66, කෞෂල් රොද්‍රිගෝ 46, ටි‍්‍රක් මූලර් 36, ඩෙමියන් නදීර් 25, චිරුක් මාසවුන 55/5, ජනිත් චතුරංග 41/2.

කේරී විද්‍යාලය සියලු දෙනා දැවී 101 – (27.0) සානක පෙරේරා 22, සිදත් ජයවීර 03/3, කෞෂල්ය රොද්‍රිගෝ 8/2

සාන්ත ජොසප් විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

මරදාන සාන්ත ජෝසප් සහ රාගම බැසිලිකා විද්‍යාලය අතර පැවැති තරගයෙන් කඩුලු 09 ක පහසු ජයක් ලබා ගැනීමට සාන්ත ජොසප් කී‍්‍රඩකයෝ සමත් වූහ. මේ තරගය රාගමදී පැවැත්විණි.

රාගම බැසිලිකා විද්‍යාලය 75 – (26.5) සුපුන් කාවින්ද 23, සී. එස් .විකසිත 16, සුසෙචල ජයතිලක 11/5, රොස්කෝ නටිල් 09/2 ,

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුල්ල දැවී 79 – (26.5) චතුරංග කුමාර 33 (නොදැවී) , කෙවින් බර්නදස් 26 (නොදැවී)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා