මිනි බාස්කට් බෝල් සංගමයෙන් එක් අවුරුදු පාඨමාලාවක්

මිනි බාස්කට් බෝල් සංගමයෙන් එක් අවුරුදු පාඨමාලාවක්

ශ‍්‍රී ලංකා මිනි බාස්කට් බෝල් සංගමයට වසර 10 ක් පිරීම නිමිත්තෙන් දැරදැරියන් උදෙසා එක් අවුරුදු පාඨමාලාවක් පැවැත්වීමට එම සංගමය තීරණය කරයි.

වයස අවුරුදු 7 – 14 ත් අතර දරු දැරියන්ට පමණක් විවෘත වන මේ පාඨමාලාව සෑම සති අන්තයකම කොළඹ බෞද්ධාලෝක මාවතේ ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ බාස්කට් බෝල් පිටියේ දී පැවැත්වේ.

සෑම වසරකම නවතම කාණ්ඩ ගොනුකර ගනිමින් පැවැත්වෙන මේ පාඨමාලාව තුළින් තම පාසල් කණ්ඩායම්වල කැපී පෙනෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වීමට ඔවුන්ට අවස්ථාව හිමි වන බව සංවිධායකන්ගේ හැගීමයි.

සංගමයේ 10 වැනි සංවත්සරය පසුගියදා ගාලු මුවදොර හෝටලයේ දී පැවැති අතර එහිදී සංගමයේ නිල වෙබ් අඩවියක් ද විවෘත කළේය.

නිල වෙබ් අඩවිය එළි දැක්වීම සඳහා පැමිණි (වමේ සිට දකුණට) පදනම පිහිටුවීමට මූලික වූ ටෝනි ගම්ලත් , ප‍්‍රධාන පුහුණු කරු මහරූෆ් , ප‍්‍රධාන ආරධිත අමුත්තා වූ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර තිලංග සුමතිපාල , සභාපති බසීර් ප‍්‍රධාන ලේකම් විනීතා සහ භාණ්ඩාගාරික ශිරෝමි සමරදිවාකර යන මහත්ම මහත්මීන් ඡායාරූපයෙන් දැක්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා