2009 පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමට මෙවරත් පාඨකයන්ට වරම්

සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල්

2009 පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමට මෙවරත් පාඨකයන්ට වරම්

පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් නිරන්තර ඇගයීමට ලක්කිරීම, ඔවුන්ගේ සැගවුණ දක්ෂතා ලොවට හෙළිකරමින් ජාතික මෙහෙවරක යෙදෙන දෙස් - විදෙස් අලෙවියක් ඇති හා වැඩි පාඨක සංඛ්‍යාවක් සතිපතා කියවන ජනාදරයට පත් සන්ඩේ ඔබ්සර්වර් පුවත් පත සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් - මොබිටෙල් සමාගම එක්ව සංවිධානය කරන 31 වැනි සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා 2009 සම්මාන උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

කූපන්පත් මගින් දිවයිනේ ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරාගනු ලබන අතර කි‍්‍රකට් තේරීම් විනිසුරුමඩුල්ලක් මගින් මේ වසරේ දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් විවිධ ඉසව් ඔස්සේ ජයග‍්‍රාහකයන් තෝරා ඔවුනට මුදල් තෑගි, සහතිකපත්, කුසලාන පිරිනමයි. මේ වසරේද මෙම සම්මාන උළෙල ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස මෙරට ප‍්‍රමුඛතම දුරකථන ජාලය වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම කටයුතු කරයි.

ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයන් තෝරන සන්ඩේ ඔබ්සවර් පාඨකයන් සඳහා සතිපතා ත්‍යාග ලබාදීමට ද සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ඒ අනුව රුපියල් 2500, 1500, 1000 ලෙස ද මොබිටෙල් සම්බන්ධතා තුනක් සමඟ තෑගි පාර්සල් 03ක් ද පාඨක ජයග‍්‍රාහකයන් සඳහා ලබාදෙයි.

කූපන්පත් මගින් පාඨකයන් තෝරගතයුත්තේ පිට පළාත් ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයා, දිවයිනේ ජනපි‍්‍රය පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා, නැගීඑන පිට පළාත් නැගී එන ජනපි‍්‍රය පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ දිවයිනේ නැගී එන ජනපි‍්‍රය පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයාය.

මේ වසරේ විවිධ දක්ෂතා දක්වන කී‍්‍රඩකයන් සඳහා ලබාදෙන මුදල් ත්‍යාග, සහතිකපත් හා කුසලාන පහත පරිදිවේ.

* මුළු දිවයිනටම හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් කී‍්‍රඩකයා හා 2009 පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා.

* මුළු දිවයිනටම නැගී එන හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන්ඉරියව් කී‍්‍රඩකයා,

* 2009 නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා.

* කණ්ඩායම් කුසලාන; හොඳම පාසල් කණ්ඩායම (සබරගමු පළාත, මධ්‍යම පළාත, හොඳම පාසල් කණ්ඩායම (මුළු දිවයිනට), හොඳම පාසල් කණ්ඩායම (පිට පළාත්), හොඳම නැගී එන පාසල් කණ්ඩායම (මුළු දිවයිනටම)

* නැගී එන හොඳම පාසල් කණ්ඩායම – මුළු දිවයිනටම, පිට පළාත්, සබරගමු පළාත, මධ්‍යම පළාත.

* පිට පළාත් හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා, 2009 පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා.

* පිට පළාත් නැගී එන හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් කී‍්‍රඩකයා, 2009 පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා