කළුතර කුඩා තේවතු හිමියන් දිරිගැන්වීමේ වැඩසටහනක්

කළුතර කුඩා තේවතු හිමියන් දිරිගැන්වීමේ වැඩසටහනක්

කළුතර දිස්ති‍්‍රක්කයේ කුඩා තේ වතු හිමියන් නැවත තේ වගා කිරීමේ දිරිගැන්වීමක් ලෙස කුඩා තේ වතු සංවර්ධන අධිාකරිය පියවර ගෙන ඇත.

මේ අනුව සහනදායී වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක කර උඩරට සහ පහතරට තේ වශයෙන් ගෙවීම් කිරීමේදී මුදල් ප‍්‍රමාණයේ වෙනසක් ඇති අතර පහතරට තේ සඳහා හෙක්ටයාර එකක් සඳහා එක්ලක්ෂ අනූදහසක්ද, උඩරට තේ වගාව වෙනුවෙන් ලක්ෂ දෙකක්ද, කුඩා තේ ඉඩම් හිමියන්ට ගෙවනු ලබන බව දැනුවත් කර ඇත.

මේ අතර පාලු පැළයක් වෙනුවෙන් රු. 10 ක මුදලක්ද අතිරේක වශයෙන් ගෙවනු ලැබේ.

තේ ව්‍යාප්ත කාර්යාල ප‍්‍රාදේශීය කාර්යාල සහ උප කාර්යාලවලින් ඉල්ලුම්පත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව අධිකාරිය පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා