ගම්පහ දිසාවේ ආදර්ශ ගම්මාන වැඩසටහනේ ඉහළ ප‍්‍රගතියක්

ගම්පහ දිසාවේ ආදර්ශ ගම්මාන වැඩසටහනේ ඉහළ ප‍්‍රගතියක්

‘ජාතික සවිය ගමනැගුම ආදර්ශ ගම්මාන’ වැඩසටහනේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ 2009 වසරේ මුල් මාස හයේදී ඉහළ ප‍්‍රගතියක් ලබා තිබේ. ඒ අනුව අනුමත ව්‍යාපෘති 114 සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 55, 791, 566 කි.

දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ආදර්ශ ගම්මානයවූ ඉහළ මඩම්පැල්ල ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 6ක් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් 4,023261 ක් වූ අතර දැනට ව්‍යාපෘති 5ක් අවසන්ව එක් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතී. කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනටියන දකුණ ව්‍යාපෘති 5කට අනුමත මුදල රුපියල් 2, 473450/- ක්වූ අතර මේ වනවිට භෞතික ප‍්‍රගතිය ව්‍යාපෘති 5 ම නිමකර ඇත.

මීගමුව ආදර්ශ ගම්මානය වූ තලාදූව ව්‍යාපෘති 11ක් සඳහා රුපියල් 7, 308 263/- ක් අනුමත වූ අතර නිමකළ ව්‍යාපෘති සංඛ්‍යාව 8කි. කි‍්‍රයාත්මක ව්‍යාපෘති 1 කි.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 8ක් සඳහා රුපියල් 5, 288137/- ක් අනුමත වූ අතර දැනට නිමකළ ව්‍යාපෘති 7කි. එක් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතී.

මීරිගම කරගහතැන්න ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 10කට අනුමත මුදල රුපියල් 3, 853, 322/- ක් වන අතර අවසන් ව්‍යාපෘති 4කි. ව්‍යාපෘති 6ක් කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතී.

අත්තනගල්ල මා ඉඹුල ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 10කට අනුමත මුදල රුපියල් 3, 541522 කි. වැඩ නිමකළ ව්‍යාපෘති 8කි. ව්‍යාපෘති 2ක් කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතී.

ගම්පහ ගොඩගෙදර ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 12 සඳහා අනුමත මුදල රුපියල් 4, 054, 345/-කි. නිමකළ ව්‍යාපෘති 6 කි. ව්‍යාපෘති 5ක් කි‍්‍රයාත්මක ව පවතී. ජාඇල පොඩිවිකුඹුර ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 8 ක් සඳහා අනුමත මුදල රුපියල් 3, 286000/- කි. නිමකර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 5කි. ව්‍යාපෘති 3ක් කි‍්‍රයාත්මක ය. වත්තල දෑලතුර (බටහිර) ගම්මානයේ ව්‍යාපෘති 17කට රුපියල් 57, 96, 443 අනුමත ය. ඉන් ව්‍යාපෘති 3ක් අවසන් ය. 14ක් කි‍්‍රයාත්මක ය.

මහර ඇටිකෙහෙල්ගල්ල ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 9කට අනුමත මුදල රුපියල් 67, 15,043 කි. නිම වූ ව්‍යාපෘති ගණන 5කි. 4ක් කි‍්‍රයාත්මක ය.

දොම්පේ දෙමළගම ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 7කට රුපියල් 39, 60, 794 අනුමත වී ඇත. අවසන් ව්‍යාපෘති 03 කි. ව්‍යාපෘති 3ක් කි‍්‍රයාත්මක ය.

බියගම බොල්ලෑගල ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 6ක් සඳහා අනුමත මුදල රුපියල් 24, 82, 726 කි. අවසන් ව්‍යාපෘති 04 කි. ඉන් 02ක් කි‍්‍රයාත්මක තත්ත්වයේ පවතී. කැලණිය වනවාසල ආදර්ශ ගම්මානයේ ව්‍යාපෘති 05කට අනුමත මුදල රුපියල් 3, 007360/- කි. අවසන් ව්‍යාපෘති 4කි. එක් ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

ගම්පහ දිසාවේ අනුමත ව්‍යාපෘති සියල්ල 114ක් විය. සම්පූර්ණයෙන් ඇස්තමේන්තු කළ මුදල රුපියල් 55, 791, 566 කි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා