ත‍්‍රස්තවාදය පරාජය වුවත් සිවිල් ආරක්ෂක කමිටුවල සේවය අවසන් කර නැහැ

ත‍්‍රස්තවාදය පරාජය වුවත් සිවිල් ආරක්ෂක කමිටුවල සේවය අවසන් කර නැහැ

-ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්

මෙරට පැවැති ත‍්‍රස්තවාදය අවසන් කර ඇතත් සිවිල් ආරක්ෂක කමිටුවල සේවාව අවසන් වන්නේ නැති බවත් විවිධ ප‍්‍රදේශවල පවත්වාගන යන මත්ද්‍රව්‍ය ස්ථාන දූෂණ සමාජ විරෝධි කි‍්‍රයා හා සාමය බිඳීයාමට ඇති වන අවස්ථාවන් සහ ඒවා වැළැක්වීමට සිවිල් ආරක්ෂක කමිටුවල සහය අවශ්‍ය වන බවත් නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්කකෝන් මහතා පැවැසීය.

පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතා එසේ පැවැසුවේ හෝමාගම කටුවාන ඉනාරා උත්සව ශාලාවේ පැවැති හෝමාගම සහ කොට්ටාව පොලිස් බල ප‍්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ රැස්වීමේදීය.

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇමැතූ අයුරු. හෝමාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක නන්දන මහතා සහ කමිටු සාමාජිකයන් පිිරිසක්ද මෙහි දැක්වේ.
(හෝමාගම සංචාරක මංජුල හිරිපිටිය)

වැඩි දුරටත් අදහස් දැක් වූ පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතා මෙසේ ද පැවැසීය. වර්තමානයේ සෑම පොලිස් ස්ථානයකම සිවිල් ආරක්ෂක කමිටු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු පත්කර තිබෙන්නේ සෑම දෙනාගේම පහසුව සඳහායි.

මෙරට පැවැති ත‍්‍රස්තවාදය අවසන් කර ඇතත් සිවිල් ආරක්ෂක කමිටුවල සේවාව අවසන් වන්නේ නැහැ විවිධ ප‍්‍රදේශවල පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ස්ථාන දූෂණ සමාජ විරෝධී කි‍්‍රයා හා සාමය බිඳීයාමට ඇතිවන අවස්ථාවන් සහ ඒවා වැළැක්වීමට සිවිල් ආරක්ෂක කමිටුවල සහාය අවශ්‍ය වනවා.

විශේෂයෙන් රටක ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ප‍්‍රශ්න හා අර්බුද ලෝකයේ විසැඳී නැහැ. මෙරට කොටි ත‍්‍රස්තවාදය නැති කර ඇතත් අපගේ විමසිලිමත්කම තව තවත් වැඩි කර ගැනීම අවශ්‍ය වනවා.

සිවිල් ආරක්ෂක කමිටුවල පවතින ඇතැම් අඩුපාඩු නැති කර රටට ජනතාවට ආරක්ෂාව ලබාදීමට හැකි අයුරින් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා සෑම කමිටු සාමජිකයකුගේම සහාය අවශ්‍යයි.

හෝමාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක නන්දන මහතා - හෝමාගම පොලිස් බල ප‍්‍රදේශයේ සියලුම ආරක්ෂක අංශවලට ආරක්ෂිත කමිටුවල සාමාජිකයන්ගෙන් විශාල සහායක් ලැබෙනවා. මේ නිසා පසුගිය කාලයේදී ප‍්‍රදේශයේ කිසිදු ත‍්‍රස්තවාදී කටයුත්තක් සිදුවූයේ නැහැ. ඒ පිළිබඳව සිවිල් ආරක්ෂක කමිටුවල සියලු සාමාජිකයන්ට ස්තුති වන්ත වෙනවා.

මේ අවස්ථාවට හෝමාගම පොලීිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් වීරකෝන්, පොලිස් පරීක්ෂකයන් වන වසන්ත අලහකෝන්, දුමින්ද ගුණවර්ධන, නිහාල් තිලකරත්න යන මහත්වරු සහ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා