මොරගල-කිතුල්ගොඩ මාර්ග කොටස පිළිසකරකරන්නැයි ඉල්ලීම්

මොරගල-කිතුල්ගොඩ මාර්ග කොටස පිළිසකරකරන්නැයි ඉල්ලීම්

මොරගල-බෙල්ලන මාර්ගයේ කිතුල්ගොඩ මාර්ග කොටස දැඩි ලෙස අබලන්ව ඇති හෙයින් වාහන ගමනා ගමනයේදී අසීරු වී ඇත.

කිතුල්ගොඩ වංගුවේ ගල්ගැල වී විශාල වළවල් රාශියක් සෑදී ඇති අතර නිතර ජලය පිරී පවතින නිසා මඩවගුරක් බවට පත්ව ඇත.

දිනපතා මේ මාර්ගයේ විශාල වාහන ප‍්‍රමාණයන් ගමන් කරයි. නෙළුව, පැලවත්ත, පිටිගල ප‍්‍රදේශයේ තේ දලු ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන මාර්ගයද වන්නේ මෙයයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුකොට මේ මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ප‍්‍රදේශවාසීහු ඉල්ලීමක් කරති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා