අනතුරු නිතර සිදු වන තැන මාර්ග සංඥා පුවරුවක් සවි කරන්න

අනතුරු නිතර සිදු වන තැන මාර්ග සංඥා පුවරුවක් සවි කරන්න

දිසා හතරකින් මාර්ග සම්බන්ධ වන හෝමාගම වලව්ව හන්දිය රිය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බවට පත්ව ඇත.

මෙම මංසන්ධියේ ප්‍රධාන මාර්ගය වන්නේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගලවිල මාර්ගය වේ.

එහි එක් දිසාවක් හෝමාගම රෝහල දෙසටත් එයට විරුද්ධ දිසාව හෝමාගම නගරය දෙසටය. සෙසු මාර්ග දෙක හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග වේ. එම මාර්ග දෙක ද ප්‍රධාන මාර්ගය මෙන් පුළුල් ව කාපට් දමා සකසා තිබේ.

මේ නිසා ඇතැම් රියදුරන්ට ප්‍රධාන මාර්ගය හඳුනාගැනීමට අපහසු වීම නිසා නිතර රිය අනතුරු සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.

පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ හෝමාගම ප්‍රාදේශීය සභාව මෙය වැළැක්වීමට ප්‍රධාන මාර්ගය සඳහන් මාර්ග සංඥා පුවරුවක් සවි කිරීමට පියවර ගන්නේ නම් ඉදිරියේදී හෝ අනතුරු රැසක් වළක්වා ගැනීමට හැකි වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා