බස් හිමියන්ගේ ගැටලු නිසා මගීන්ට අපහසුතා

බස් හිමියන්ගේ ගැටලු නිසා මගීන්ට අපහසුතා

මාර්ග අංක 125 ඉංගිරිය – පිටකොටුව සහ ඉංගිරිය මහරගම අතර බස් ධාවනයන් සම්බන්ධයෙන් ලංගමය දක්වන උදාසීන බව සහ පෞද්ගලික බස් හිමියන් දක්වන ඒකාධිකාරිත්වය නිසා එම මාර්ගයේ ගමන් ගන්නා මඟීහු ඉමහත් අපහසුතාවයට පත් ව සිටිති.

උදෑසන 6.30 පසු වූ පසුව සවස 6.20 තෙක් ඉංගිරියේ සිට පිටකොටුව දක්වා එකම ලංගම බස්රියක් හෝ ධාවන නොවේ.

ඉඳහිට ධාවනය කැරෙන පෞද්ගලික බස්රථ කිහිපයද ධාවනය වන්නේ මඟී අවශ්‍යතාවයට වඩා බස් හිමියන්ගේ අවශ්‍යතාවයටය.

ඉංගිරිය මහරගම අතර පෞද්ගලික බස් ධාවනයක් ඇතත් එයද හවස 6 පසු වු විට අඩපණවෙයි.

හෝමාගම සහ මහරගම ලංගම ඩිපෝ දෙකක් තිබියදීත් ඉංගිරිය පිටකොටුව බස් ධාවනයට එම ඩිපෝ දෙකටම අව්‍යශතාවයක් නොමැති වීම පදුමයට කරුණකි.

මහනුවරට , නාවලපිටියට බස් යොදන හෝමාගම ඩිපෝවට හෝ අතොරක් නැතිව මහරගම සිට අවිස්සාවේල්ලට බස්රථ යොදවන මහරගම ඩිපෝවට ඉංගිරියට බස් ධාවනය කිරීමට උනන්දුවක් නැතිකම මඟීන්ගේ අවාසනාවකි.

හෝමාගම මහරගම ඩිපෝවලින් මෙම මාර්ගයේ පාදුක්ක දක්වා ධාවනය කැරෙන බස්රථ ඉංගිරිය තෙක් දීර්ඝ කිරීමට පියවර ගත යුතු අතර මෙම මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ද මගී අවශ්‍යතා සපුරාලන පරිදි විධිමත් කළ යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා