කැටකාල ඇළ පිළිසකර කැරේ

කැටකාල ඇළ පිළිසකර කැරේ

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුඹුටියාව ග්‍රාම නිලධාරි වසමේ කැටකෑල ඇළ ‘ගම නැගුම’ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කැර ඇත.

මේ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම නිසා වසර ගණනාවක් තිස්සේ පුරන් බවට පත්ව තිබුණු කුඹුරු අක්කර 40 ක් යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකි වී ඇත.

ඇළ ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය වැය කර ඇති මුදල රු. පනස් දහසකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා