වත්තල ප්‍රා. ලේකම් කාර්යාලයේ පුරප්පාඩු රැසක්

වත්තල ප්‍රා. ලේකම් කාර්යාලයේ පුරප්පාඩු රැසක්

වත්තල ප්‍රාදේශීය ලේකම් නිමල්කා ඩයස් ආහාර කොමසාරිස් ලෙස පත්වී යාමත් සමඟම වත්තල ප්‍රාදේශීය ලේකම් ධුරය හිස්ව පවතී. මේ ප්‍රදේශයේ ලහි ලහියේ කෙරෙන විවිධ වූ මහ පරිමානයේ සංවර්ධන කටයුතු නිසා විවිධ වූ ජනතා ගැටලු උද්ගත වී තිබේ.

ඊට අමතරව එදිනෙදා විසඳිය යුතු ජනතා ගැටලු රාශියකි. පුරප්පාඩු ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බැලීම සඳහා සහකාර ලේකම් චන්දිමා දිසානායක මහත්මිය පත්කර තිබේ.

මේ නිසා සහකාර ලේකම් ලෙස ඉටු කළ විශාල කර්තව්‍ය ඉටු කිරීමට නිලධාරියකු නොමැති නිසා පරිපාලන ගැටලු සංකීර්ණ වී තිබේ.

තවද ග්‍රාම නිලධාරී කොට්ඨාස 46 කින් යුක්ත මෙම පරිපාලන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 06 වසර ගණනාවක සිට පුරප්පාඩුව පවතී.

එබැවින් ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී විවිධාකාර ගැටලුවලට මුහුණ දෙති. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී තනතුර ද පුරප්පාඩු වී වසර 02 ක් ගතවුවද එය සම්පූර්ණ කර නැත.

කාර්යාලයීය කටයුතු වලදී ලිපිකරු තනතුරු 06 ක්ද වසර ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පවතී.

ප්‍රාදේශ වාසී ජනතාව රාජ්‍ය පරිපාලන ඇමැති තුමාගෙන් ඉල්ලා සිටින්නේ පුරප්පාඩු පුරවා තමන්ට ද කාර්යක්‍ෂම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය ලබා දෙන ලෙසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා