ශ්‍රී මහා විහාර පාර අබලන් වෙලා

ශ්‍රී මහා විහාර පාර අබලන් වෙලා

පාණදුර හොරණ ප්‍රධාන මාර්ගයේ සිට හිරණ ප්‍රධාන මාර්ගය දක්වා කේතුමතී කාන්තා රෝහල සහ අධිකරණ සංකීර්ණය අසලින් වැටී ඇති ශ්‍රී මහා විහාර මාවත අබලන් වී තිබේ.

කේතුමතී කාන්තා රෝහලට ගැබිනි මවුවරුන් රැගෙන යෑම කිරීම මේ මාර්ගය ඔස්සේ සිදු කරන අතර මාර්ගය අබලන්වීමෙන් ගැබිනි මාතාවන්ටද විවිධ කරදර වලට මුහුණ පෑමට සිදුවන බවද පැවසේ.

ඒ නිසා පාණදුර ශ්‍රී මහා විහාර පාර අලුත්වැඩියා කැරදෙන ලෙස පාණදුර ජනතාව වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා