අගරු චෙක්පතක් ලබා දී පැන ගිය පුද්ගලයා ඇල්ලීමට පරීක්ෂණ

අගරු චෙක්පතක් ලබා දී පැන ගිය පුද්ගලයා ඇල්ලීමට පරීක්ෂණ

වරකාපොළ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මුදල් අවශ්‍ය බව පවසා ගණේමුල්ල – වැලිපිල්ලෑවේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 ක් ලබාගෙන කලක් ගත වී මුදල් ආපසු ඉල්ලූ විට වංචා සහගත ලෙස ගිණුමකට අයත් චෙක්පත් ලබා දී ප්‍රදේශය අතහැර ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත.

අදාල අංශයෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න මහතා වෙත ගණේමුල්ල වැලි පිල්ලෑව පදිංචි තුසිත නයනප්‍රිය හේමචන්ද්‍ර විසින් කරන ලද පැමිණිල්ලක් අනූව පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ . චන්ද්‍රදාස මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා