නමක්, ලාංඡනයක් ලේබලයක් නැති කිරිපිටි තොගයක් සොයාගෙන

නමක්, ලාංඡනයක් ලේබලයක් නැති කිරිපිටි තොගයක් සොයාගෙන

නිෂ්පාදිත ආයතනයක නමක්, ලාංඡනයක් හෝ ලේබලයක් නැති චොකලට් රැසැති මෝල්ට් කිරි පිටි තොගයක් අසුරණවල බහා නිවසක සඟවා තිබියදී වේයන්ගොඩ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසියට ලැබුණු තොරතුරක් මත නයිවල නිවෙසක් පරික්ෂා කිරීමේදී හමුවූ මෙම පිටි තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද - නුසුදුසුද යන්න පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගෙන ඒ අනුව නීතිමය පියවර ගන්නා බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා පැවසීය.

වේයන්ගොඩ පොලිසියේ සැරයන් පද්මසිරි (14839) සහ කොස්තාපල් වීරසිංහ (46342) මහත්වරු මෙම වැටලීම සිදුකර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා