මහ පාරේ තාර ගුලි ඉවත් කිරීමට පියවර ගන්න

මහ පාරේ තාර ගුලි ඉවත් කිරීමට පියවර ගන්න

ගොඩගම නගරයේ මහා මාර්ගයේ මැද ගොඩගැසී ඇති තාර ගුලි ඉවත් කිරීම සඳහා මහාමාර්ග බලධාරීන් කොතෙක් දැනුවත් කළත් ඔවුන් මුනිවත රකිමින් සිටින්නේ යැයි නගර වාසීහු මැසිවිලි නගති.

ගාඩගම ඉන්ධන පිරවුම අසලින් පටන්ගෙන මෙම තාර ගුලි හයිලෙවල් මාර්ගයේ තැනින් තැන තිබීම හයිලෙවල් නමටද නිගාදෙන බව පවසති.

සැහැල්ලු වාහන රියැදුරන් අනපේක්ෂිතව මෙම තාර ගුලි උඩින් ගමන් කිරීමේදී අනතුරින් බේරීමට ඔවුනුන් පසුපස වාහන රියැදුරෝ්ද අපහසුතාවයන්ට පත්වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා