සිරි ගෞතම විහාරය අසල පාලමේ අත්වැල අබලන්

සිරි ගෞතම විහාරය අසල පාලමේ අත්වැල අබලන්

කඹුරාවල කළුගල මාර්ගයේ බෝධි ගොඩැල්ල සිරි ගෞතම විහාරස්ථානය අසල පාලමේ එක් පසෙක ආරක්ෂිත අත්වැල දිගු කලෙක සිට විනාශව ඇති බවත්, මේ හේතුවෙන් එහි දැඩි අනතුරුදායක තත්ත්වයක් පවතින බවත් ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.

පාලම ඉතා පටු එකක් වීමද මෙහි අනතුරුදායක බව වැඩිවීම කෙරෙහි බලපා ඇති බව කියන ඔවුහු අගලවත්ත පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ පාලමේ ආරක්ෂිත අත්වැල සකසා පවතින අනතුරුදායක බව මඟ හැරීමට කටයුතු කරන ලෙසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා