නාගොඩ පුරන් කුඹුරු ඇමැතිගේ අවධානය

නාගොඩ පුරන් කුඹුරු ඇමැතිගේ අවධානය

නාගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් පුලර්ටන් අළුබෝගහලන්ද නාගොඩ දකුණ කජුදූවවත්ත යන කොට්ඨාස වලට අයත් කුඹුරු අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් දශක දෙකකට වැඩිකාලයක් පුරන්ව ගොස් තිබේ.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වර්ෂා ජලය බැස යාමට ඇති ප්‍රධාන ඇළ මාර්ගය වන මොරන්ඇළ මුළුමනින්ම අක්‍රීය ව තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදාළ කොට්ඨාසවල ගොවි සංවිධාන නියෝජිතයින් ගොවීන් මෙන්ම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ යෝජනා පිළිබඳව ජාතිය ගොඩැගීමේ හා වතු යටිතල පහසුකම් පිළිබඳ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ අවධානය යොමුවිය.

මේ වසර තුළදීම මොරන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ඇමැතිවරයා කටයුතු කරන අතර ඒ සම්බන්ධ වාර්තා හා ඇස්තමේන්තු සකස් කිරීමට අදාල අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා