සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමේ

සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමේ
නියමු ව්‍යාපෘතියක් මීගමුවේ ඇරැඹේ

සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් මීගමුව වෙරළ උද්‍යානයේදී උත්සවාකාරයෙන් ඉකුත්දා ආරම්භ කැරිණි.

මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානයේ පැවති මේ සමාරම්භක උත්සවයට බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා ඇමැති සරත් කුමාර ගුණරත්න, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන, සත්ව නිෂ්පාදන, නිවාස හා ඉදිකිරීම්, ධීවර හා සංචාරක කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඒ. නිමල් ලාන්සා, මීගමුව පුරපති හර්මන් කුරේරා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර යන මහත්වරු සහ කටාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත එය ගම් නියම් ගම් වලට ව්‍යාප්ත කරන බව බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන සත්ව නිෂ්පාදන හා සංවර්ධන නිවාස හා ඉදිකිරීම් සහ ධීවර හා සංචාරක කටයුතු අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව අ¼ගුරුකාරමුල්ල බෝධිරාජාරාමාධිපති කොන්දගම්මුල්ලේ ඤාණසිරි තිස්ස හිමි සහ කටාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද ආනන්ද හරිශ්චන්ද්‍ර මහතා ද මෙහි වෙති. සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න යන මහත්වරු විදුලි බොත්තම තද කරමින් විදුලි බුබුළු දැල්වූ අයුරු.
ඡායාරූපය මීගමුව විශේෂ එච්. ප්‍රනාන්දු

මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණය ඉන්දියානු සමාගමකින් ලැබෙන බවත් එකී සමාගම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කැර තිබෙන බවත් ඒ සඳහා මීගමුව වෙරළ තීරය සමාගම මුලින්ම තෝරා ගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.

සුළං බලයෙන් විදුලිය නිපදවීමෙන් ගෝලීය රත්වීම අඩුවී පරිසර දූෂණය අවම කැර ගත හැකි බවත් කී ඒ මහතා දුප්පත් අයට ඉතාමත් අඩු මිලකට විදුලිය සපයා දිය හැකි බවත් විදුලිය ලබා ගැනීම සඳහා මාස්පතා බිල් අවශ්‍ය නොමැති බවත් සමූහයක් එක්වී සාධාරණ මුදල් ප්‍රමාණයක් පමණක් ගෙවිය යුතු බවත් සමාරම්භක උත්සවයේදී පළාත් ඇමැති ලාන්සා මහතා කීවේය.

මෙකී සුළං පෙති කරකැවීමට තද සුළඟක් අවශ්‍ය නොවන බව ඉන්දියානු සමාගමේ ලංකා නියෝජිත මුදිත කැකුලාවල සහ සම අධ්‍යක්ෂ රාජා වර්ණකුලසූරිය යන මහත්වරු පැවසූහ.

සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා

ඉන්දියානු සමාගමක් ආදර්ශයක් හැටියට සුළං බලයෙන් විදුලිය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

විදුලිය, ජලය හා මහා මාර්ග පිළිබඳව උපදෙස් ලබාදීමට ආයෝජකයින් විශාල පිරිසක් ලංකාවට එනවා.

ඔවුන් එලෙස ලංකාවට එන්නේ ජනාධිපතිවරයා කොටින්ගෙන් රට මුදා ගෙන අපට නිදහස ලබා දුන් හින්දයි. අපට ලබා දුන් නිදහස හින්දයි ආයෝජකයෝ අප රටට දැන් එන්නේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා