ආර්ථික සංවර්ධනය උදෙසා ඵලදායිතා

ආර්ථික සංවර්ධනය උදෙසා ඵලදායිතා
වර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

- ඇමැති අතාවුද සෙනෙවිරත්න

අවුරුදු තිහක් පුරා පැවැති ත්‍රස්තවාදය ජය ගත්තා සේම මේ රටේ ජීවත්වන පුරවැසියන් වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට තවත් යුද්ධයක් අප විසින් කළ යුතුව තිබෙනවා.

ඒ නිසා ඵලදායිතා වර්ධනය යටතේ මේ කාර්යභාරය අප විසින් කළ යුතුයි.

යුද්ධයෙන් පසුව ජනාධිපතිතුමා විසින් ඒ ක්‍රියාදාමය අරඹා තිබෙනවා යැයි කම්කරු සබඳතා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා කළුතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සව සභාවක මුලසුන ගනිමින් පැවැසීය.

කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍යංශය සම්බන්ධව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ලද බස්නාහිර දකුණු පළාත්වල 5 ඵ තුළින් අරඹන ලද ඵලදායිතා තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා තෑගි සහ සහතික පත් ප්‍රදානය සඳහා මෙම උත්සවය පැවැත්විණි.

මෙම උත්සවයේ පොල් තෙල් පහන දැල්වීමේ අවස්ථාවට කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, ජාතිය ගොඩනැඟීමේ සහ වතු යටිතල පහසුකම් ඇමැති රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුද කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍යංශයේ ලේකම් මහින්ද මඩිහ හේවා ජාතික ඵලදාවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ උපාලි මාරසිංහ සහ කළුතර දිස්ත්‍රික් ලේකම් ස්වදේශ කටයුතු ඇමැති අතිරේක ලේකම් ඇස්. හපුආරච්චි යන මහත්වරුද සහභාගි වූහ.

මෙහිදී තවදුරටත් කථා කළ කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැතිවරයා දෙවැනි ලෝක යුදධයේදී ජපානය ඉතාම පහත් තත්ත්වයට වැටුණ බවත් ඒ රට ගොඩගන්න 5 ඇස් කියන සංචිතය හදාගෙන ඵලදායිතා වර්ධන වැඩපිළිවෙළක් යටතේ ගොඩනැගුණා.

අපේ රටද ජපානය අනුගමනය කළ වැඩපිළිවෙළේ කොටස් කරුවන් වුණා.

ගොවිපළ දියුණු කිරීමටත්, වැඩපළ දියුණු කිරීමටත් පාසල දියුණු ඛ්ලමටත්, රෝහල දියුණු කිරීමටත් මේ වගේ ඵලදායිතා වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

සේවය කරන සෑම ස්ථානයකම සංවර්ධනය සඳහා මෙම වැඩපිළිවෙළ දියුණු කිරීමට අපේ මිනිසාගේ මනස දියුණු විය යුතුයි.

මිනිසාගේ සිත තුළ මෙම ඵලදායිතාව වර්ධනය කැරගෙන තමන්ගේ ජීවිතය සකස්කර ගෙන සමාජයට බරක් නොවන මිනිසුන් හැටියට ජීවත්වීමට හැමෝම අධිෂ්ඨානය කරගන්න.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්හාජ් අලෙවි මව්ලානා මහතා

අවුරුදු තිහක් පුරා පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිමා කරන්න බැරි දෙයක් බව මුළු ලෝකයම කල්පනා කළා.

ඉන්දියාව අපේ රටේ ඒකීය තත්ත්වය පිළිගෙන අපට සහය දුන්නා.

ජාතිබේද , ආගම් බේද හා කුල බේදවලින් තොරව අපේ රට ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙළ ජනාධිපතිතුමා විසින් ආරම්භ කර තිබෙනවා.

කියුබාව අවුරුදු 50ක් පස්සේ තර්ජන ගර්ජන වලට මුහුණ දුන් රටක් අද කියුබාව ලෝකයේ වෙනත් රටවල් වලට දෙවැනි නොවන තත්ත්වයට දියුණුවී තිබෙනවා.

ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා

ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට විශාල අභියෝගයකට මුහුණ දුන්නා. එතුමා ඒ අභියෝගය භාරගෙන එයට මුහුණදී ජය ගත්තා. ජනාධිපතිතුමා තුමා රට බාර ගෙන මේ ත්‍රස්තවාදී සමඟ ජය ගැනීමට සියලුම දේශපාලන පක්‍ෂවලට පක්‍ෂ භේද නොතකා එකතු වෙන්න කියා ආරාධනා කළා. හමුදාවන්ට නියම නායකත්වය දෙමින් ජනාධිපතිතුමා මේ ත්‍රස්තවාදය ජය ගත්තා.

මේ රට ගොඩගන්න අපිට හරි නායකත්වයක් තිබුණේ නෑ.

වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. අද අපිට නියම නායකයෙක් ඉන්නවා. රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා.

ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් ඇමැති රෝහිත අබේගුණවර්ධන

මෙම ඵලදායිතා වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමාවී තිබුණු දෙයක්.

අද මුළු රටේම ප්‍රචලිතව තිබෙනවා.

මෙම ඵලදායිතා වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානය ලැබී තිබෙන්නේ ගුවන් හමුදාවටයි.

මේ රට සංවර්ධනය කළ හැකි නිලධාරී කොටසක් සිටින බව අද ලෝකය පුරා ප්‍රචලිතව තිබෙනවා.

කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍යංශයේ ලේකම් මහින්ද මඩිහහේවා ජාතික ඵලදායිතා වර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක උපාලි මාරසිංහ, කළුතර දිස්ත්‍රික් ලේකම් ඇස්. හපුආරච්චි යන මහත්වරුද මෙහිදී කථා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා