යුරෝපීය රටවල තානාපතිවරුන් හා ජනාධිපති අතර සුහද හමුවක්

 

ශ්‍රී ලංකාවේ යුරෝපීය රටවල තානාපතිවරුන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (13) උදෑසන පැවැත්විණ. එහිදී ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග සුහද කතා බහක යෙදී සිටි අයුරු. ඇමැතිවරුන් වන මහින්ද සමරසිංහ, රෝහිත බෝගොල්ලාගම මහත්වරුද මෙහි වෙති.


ඡායාරූපය :- සුදත් සිල්වා

 





සීනි-පරිප්පු-කඩල-ටින්මාළු හා
වියළි මිරිස් සමඟ

ලබන මස සිට ‘සහන මල්ලක්’

සීනි, පරිප්පු, කඩල, ටින්මාළු සහ වියළි මිරිස් යනාදිය ඇතුළත් භාණ්ඩ මල්ලක් දෙසැම්බර් මාසයේ සිට ඉතා අඩුමිලට ජනතාවට ලබාදෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

විස්තර »

රජයෙන් සැපැයූ සියලු පහසුකම්
සහිතව මුලතිව්හි නැවත පදිංචියට
28,000ක් යති

වසර තිහකට ආසන්න කාලයක් එල්. ටී. ටී. ඊ සංවිධානය සිය මූලස්ථානය වශයෙන් පවත්වාගෙන ගිය මුලතිව් දිස්ත්‍රික්කය තුළ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කැර තිබේ.

විස්තර »

මාලිගාවත්තේ වකුගඩු රෝහල
ජනපති අතින් අද විවෘත වේ

මාළිගාවත්ත ජාතික වකුගඩු රුධිර කාන්දුපෙරණ සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කැරේ.රුපියල් කෝටි 45 ක වියදමකින් ඉදි කළ මේ වකුගඩු රෝහලෙහි ගොඩනැගිල්ල...

විස්තර »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික
මහ සම්මේලනය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මහ සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විස්තර »

‘හයිලන්ඩ්’ කිරිපිටි මිල පහළ දමයි

හයිලන්ඩ් කිරිපිටි මිල ඊයේ (13) රාත්‍රී සිට අඩු කිරීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 230කට තිබූ ග්රෑම් 400 හයිලන්ඩ් කිරි පිටි පැකට්ටුව රුපියල් 210කට ද, රුපියල් 545ට තිබූ කිලෝ ග්‍රෑම් එකක හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුව රුපියල් 490කටද, රුපියල් 275කට...

විස්තර »

මොරටුවේ සුළි සුළඟකින් නිවාස තුන්සියයකට හානි

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයට ඊයේ සවස 7 ට පමණ අධික වර්ෂාව සමඟ හමාගිය සුළි සුළගින් නිවාස තුන්සියයකට හානි සිදුවී ඇත. විදුලිය විසන්ධිවී ඇති අතර තද සුළගත් සමඟ වර්ෂාව පැවැතියෙන් නිවාසවල වහළ සියල්ල ගැලවී ගොස් තිබේ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

 
නෙත කීයේ කඳුළට නිම් නොමැති කමයි
සිත කීයේ ඔබ මියගොස් නොමැති කමයි
අද ඊයේ හෙටටත් එය එහෙම තමයි
සුදු සීයේ එන්නකො අපි ඔබේ ළමයි