මොරටුවේ සුළි සුළඟකින් නිවාස තුන්සියයකට හානි

මොරටුවේ සුළි සුළඟකින් නිවාස තුන්සියයකට හානි

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයට ඊයේ සවස 7 ට පමණ අධික වර්ෂාව සමඟ හමාගිය සුළි සුළගින් නිවාස තුන්සියයකට හානි සිදුවී ඇත.

විදුලිය විසන්ධිවී ඇති අතර තද සුළගත් සමඟ වර්ෂාව පැවැතියෙන් නිවාසවල වහළ සියල්ල ගැලවී ගොස් තිබේ.

මේ හේතුව නිසා උන්හිටිතැන් අහිමිවූ පවුල් 38 ක් කොරලවැල්ල දේවස්ථානයට පැමිණ ඇත. නිවාස කැඩීබිඳී යාම නිසා විසන්ධිවූ විදුලිය ලබා දීමට මොරටුව නගරසභාවේ මන්ත්‍රීවරුන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග පැමිණ දැඩි පරිශ්‍රමයක් දරණු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී රාජන් පතිරණ මහතා පැවැසීය.

කොරලවැල්ල ශ්‍රමදාන මාවත, සද්ධර්ම මාවත යන ප්‍රදේශවල ජනතාව සුළි සුළඟින් දැඩි හානියට පත්වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

සුළඟින් හානියට පත්වූ ජනතාවට කඩිනමින් සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගන්නා බවද පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා