2000 සිට 2009 දක්වා තොරතුරු තාක්ෂණයේ නව නිර්මාණ බිහි වූ ඩිජිටල් දශකයක්

2000 සිට 2009 දක්වා තොරතුරු තාක්ෂණයේ
නව නිර්මාණ බිහි වූ ඩිජිටල් දශකයක්

2009 වසරෙන් අවසන්වන දශකය, මයික්‍රෝසොප්ට් ආයතනයේ ප්‍රධානි බිල් ගේට්ස් හඳුන්වන්නේ ‘ඩිජිටල් දසකය’ වශයෙනි. එම දසකය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශාල නව නිර්මාණ බිහි වූ දශකයක් ලෙස සැලකේ.

දරුවන් මෙන් ම ආච්චි අම්මලා පවා දැනුවත් ව හෝ නොදැනුවත් ව ඩිජිටල් ලොව හා සම්බන්ධ වී ඇති බව තොරතුරු තාක්ෂණ විශේෂඥ ජෝන් ඇබෙල් පවසයි.

මෙම නව නිර්මාණ අතුරින් ඇපල් අයි පොඩ් (appie ipod)නැමති සංගීත ලොවේ විප්ලවීය වෙනසක් සිදු කළ මෙවලම මුල් තැන ගන්නා බව ඩේවිඩ් පොග් කියයි. ‘ටජ් ස්ක්‍රීන් ස්මාට්ෆෝන්’ වලට ද ඉතා සුවිශේෂ ස්ථානයක් හිමිවන බව ඔහුගේ අදහසයි. ජංගම මෙවලමක් වන මෙය හරහා පූර්ණ කාලය තුළම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකිය.

පොත් වෙළඳපොළ ග්‍රහණය කරගෙන ඇති 2007 දී නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික කියවනය ද පොත් වෙළඳපොළේ විශාල විප්ලවයක් සිදුකර තිබේ.

වෙබ් අඩවි පිරික්සුම් කිරීමේ සහ දැන්වීම් කලාවේ පතාක යෝධයාවන ගූගල් ආයතනය ද විප්ලවීය වෙනස්කම්වලට තුඩුදුන් මෙවලම් මෙම දසකය තුළ හඳුන්වාදී තිබේ. අන්තර්ජාලය තුළින් ලොව සිසාරා ජීවත්වන විවිධ පුද්ගලයන් එකට සම්බන්ධකර තිබේ.

කෙසේවෙතත්, මීළඟ දසකය තුළ ඩිජිටල් තාක්ෂණයට සිදුවිය හැකි දේ පිළිබඳව අනාවැකි පළකිරීමට තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ මැළිවෙති. අනාගත තාක්ෂණය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම අමනකමක් බව ඔවුන්ගේ මතයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා