පිලිපීන මුහුදේ බෝට්ටුවක් ගිලී 63ක් මිය ගිහින්: 25ක් අතුරුදන්

පිලිපීන මුහුදේ බෝට්ටුවක් ගිලී 63ක් මිය ගිහින්: 25ක් අතුරුදන්

මධ්‍යම පිලිපීන මුහුදේදී ඊයේ බෝට්ටුවක් ගිලීයාම නිසා පිලිපීන ජාතිකයන් 63 දෙනෙකු මියගිය බව වාර්තාවේ.

මෙය සතියක් තුළ පිලිපීනයේ සිදු වූ දෙවන බෝට්ටු අනතුර ලෙස සැලකේ. මගීන් 25 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් ව ඇත. ඒ අවටින් ගමන් කළ නෞකා තුනක් විසින් විපතට පත් මගීන් බේරාගැනීමට පියවර ගෙන තිබේ. විපතට පත් අය සෙවීමේ කටයුතු සඳහා වෙරළාරක්ෂක ගුවන් යානා සහ හෙලිකොප්ටර් ද යොදවා තිබේ.

වර්ඩා දිවයින ආසන්න මුහුදේ ගිලීයන අවස්ථාවේදී මෙම බෝට්ටුවේ මගීන් 88 දෙනකු ගමන් කර තිබේ. ඊට අමතරව බඩු පැටවූ ට්‍රක් රථ 9ක් ද තිබී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දාද මැනිලා බොක්කේ මෙවැනි ම බෝට්ටු අනතුරක් සිදුවිය. මෙම අනතුර සිදුවූයේ ධීවර බෝට්ටුවක් හා ගැටීමෙනි. දූපත් 7, 100 කින් සමන්විත පිලිපීන දූපත් රාජ්‍යයේ බෝට්ටු ඉතා ප්‍රචලිත ප්‍රවාහන මෙවලමකි. මගීන් විශාල සංඛ්‍යාවක් පටවා ගැනීම, නිසි නඩත්තුවක් නොකිරීම සහ නිවර්තන කුණාටු ආදිය මේ ප්‍රදේශයේ නිරතුරු අනතුරු ඇතිවීමට හේතු ලෙස දැක්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා