ඊශ්‍රායලය මැද පෙරදිග සාම කතා අවුල් කරනවා

ඊශ්‍රායලය මැද පෙරදිග සාම කතා අවුල් කරනවා

සිරියා ජනාධිපති චෝදනා කරයි

මැද පෙරදිග සාම සාකච්ඡා අවුල්සහගත තත්ත්වයකට පත්කරන්නේ යයි සිරියානු ජනාධිපති බාෂා අල් - අසාඩ් ඉකුත් බදාදා ඊශ්‍රායලයට චෝදනා කළේය.

ිරියාව සහ ඊශ්‍රායලය අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට තුර්කියට මැදිහත්වන ලෙස ඔහු ඉල්ලයි.

ඊශ්‍රායලයට අවශ්‍ය ප්‍රතිපත්තිවලින් තොරව සාකච්ඡා පැවැත්වීමෙන් සාම සාකච්ඡා දිග්ගස්සා ගැනීමට බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. තුර්කිය ඉතා සාධාරණව, ධනාත්මක ලෙස ඉකුත් වර්ෂයේදී ද මැදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කළ නිසා, යළිත් එම කාර්යය භාරය ඉටුකරන ලෙස ඔහු ආයාචනය කළේය.

ඊශ්‍රායලය සහ තුර්කිය අතර සුහද සබඳතා ගොඩනැගී තිබුණත්, ගාසා තීරයේ බිහිසුනු ගැටුම් ඇති කිරීම සම්බන්ධයෙන් තුර්කිය ඊශ්‍රායලයට චෝදනා කළේය.

තුර්කිය සහ ඊශ්‍රායලය අතර වැඩිදියුණුවන සබඳතා මැද පෙරදිග සාම ක්‍රියාවලියේ දී ආදර්ශයක් විය යුතු බව තුර්කි අගමැති පවසයි.

මේ අතර ඉරාකය, ජෝර්දානය සහ ලෙබනනය අතර සබඳතා වැඩි දියුණු කරගැනීමට කටයුතු කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේ ය.

තුර්කිය සහ සිරියාව අතර වෙළඳ ගනුදෙනුවල අගය ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 5 දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා