ආරක්ෂක-ආර්ථික සහයෝගිතා වර්ධනයට

ආරක්ෂක-ආර්ථික සහයෝගිතා වර්ධනයට

ජපන් අගමැති ඉන්දියාවේ නිල ගමනක

ජපානය සහ ඉන්දියාව අතර ආරක්ෂක සහ ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීමේ අරමුණ ඇති ව සාකච්ඡා පවැත්වීමට ජපන් අගමැති හටොයාමා ඊයේ ඉන්දියාව බලා පිටත්විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට අමතරව ජපන් අගමැති පරිසර නොබල් ත්‍යාගලාභී කණ්ඩායම් නායක රාජේන්ද්‍ර පචව්රිද හමුවීමට නියමිතය.

ආර්ථිකය න්‍යෂ්ඨික අවි තරණය, දේශගුණික විපර්යාස වැනි වැදගත් මාතෘකා රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවල දී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බැව් වාර්තාවේ. අවුරුදු කිහිපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ද ජපානය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වී තිබේ.

ජපානයේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා අපනයනය කෙරේ විශ්වාසය තබා තිබීම නිසා එරට ව්‍යාපාරිකයන්ගේ අවධානය දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ වෙත යොමු වී තිබේ.

ඉකුත් ඔක්තෝම්බරයේ ‘ආසියාන්’ සමුළුව පැවති අතරවාරයේදීත් ජපන් අගමැති හා ඉන්දීය අගමැති අතර සාකච්ඡා පැවැත්විණි. හටයෝමා අගමැති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය අගමැති හමුවන දෙවන අවස්ථාව මෙයයි.

මෙම සාකච්ඡාවේදී ඉන්දීය අගමැති සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ඨික තාක්ෂණය වැඩිදියුණු කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව පවසා තිබේ. එම ක්ෂෙෂ්ත්‍රයේ තාක්ෂණික දැනුම ජපානය ඉන්දියාව සමඟ බෙදා හදා ගනු ඇති බවට ඉන්දීය අගමැතිවරයා විශ්වාසය පළකර තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට ජපානය පසුබටවේ. පරමාණු බෝම්බයකින් බැට කෑ එකම රට ජපානය බව ජපන් අගමැතිවරයා මෙහි දී සිහිපත් කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා