ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන වෑයම වළක්වති

ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන වෑයම වළක්වති

ලොව පුරා ගුවන් තොටුපොළවල දැඩි රැකවල්

නත්තල් දිනයේදී අමෙරිකාවේ ඩෙට්ට්‍රොයිට් බලා ගමන් කළ ගුවන් යානයක් පුපුරුවා හැරීමට නයිජීරියානු ජාතිකයකු දැරූ ප්‍රයත්නයක් ව්‍යයර්ථ කිරීමට බලධාරීන්ට හැකිවිය.

මේ නිසා ලොව පුරා ප්‍රධාන ගුවන්තොටුපළවල ආරක්ෂක සංවිධාන තරකර ඇති බව වාර්තාවේ.

ගුවන් යානය ඩෙට්ට්‍රොයිට් ගුවන්තොටුපළ ආසන්නයට පැමිණෙමින් තිබූ අවස්ථාවේදී 23 හැවිරිදි නෝවීජියන් ජාතිකයෙක් මේ පුපුරුවා හැරීම කිරීමට තැත්කර තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ගුවන්යානය රැගෙන යාමට මොහුට හැකිවූයේ කෙසේද යන්න පිළිබඳ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළ බලධාරීන් විමර්ශනයක් කරනු ලැබේ. මොහු අල්කයිඩා සංවිධානයට සම්බන්ධකම් ඇති අයකු ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව ලොව පුරා ගුවන්තොටුපොළවලට දැනුම්දීමත් සමඟ මගීන්ගේ ගමන් මලු ඉතා දැඩි පරීක්‍ෂාවට ලක් කෙරේ. විශේෂයෙන්ම අමෙරිකාව බලා එන මගීන්ට රැගෙන ආ හැකි ගමන් මලු ප්‍රමාණය එක් අත් ගමන් මල්ලකට සීමාකර තිබේ.

උමා ෂාරුක් අබ්දුල්මුටල්ලැබ් නැමති මෙම සැකකරු “නෝර්ත් වෙස්ට්” ගුවන් සමාගමට අයත් ගුවන් යානයට නැඟ ඇත්තේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළිනි.

ඒ අනුව බ්‍රසල්ස්හි යුරෝපා කොමිසමද මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බව වාර්තාවේ.

ගුවන්තොටුපළවල ආරක්ෂාව සංවිධාන කෙතරම් තරකර තිබුණත් ඒවා 100%ක් සාර්ථක නොවන බව විශේෂඥයන්ගේ මතයයි. දැනට අනුගමනය කරනඔ - කිරණ සහ ලෝහ නිරීක්ෂණ ක්‍රමවේද වෙනුවට පූර්ණ ශරීර පරීක්‍ෂණ කිරීමට කටයුතු කළ යුතු බැව් විශේෂඥයෝ නිර්දේශ කර තිබේ. මේ සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කළ යුතුවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා