අමෙරිකානු විශේෂ හමුදා ඇෆ්ගන් ත්‍රස්ත කල්ලිවලට පහර දීම වැඩි කරයි

අමෙරිකානු විශේෂ හමුදා ඇෆ්ගන් ත්‍රස්ත කල්ලිවලට පහර දීම වැඩි කරයි

ැෆ්ගනිස්තානයේ අති බිහිසුනු ත්‍රස්ත කල්ලිවලට ප්‍රහාර එල්ල කිරීම අමෙරිකන් විශේෂ හමුදා භට පිරිස් තවදුරටත් උත්සන්නකර තිබේ.

මේ මෙහෙයුම් ලබන වසරේ දී තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ඒකාබද්ධ යුද සහ නාවුක හමුදා ප්‍රහාරයකින් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ඉතාම ප්‍රබල තලෙයිබාන් සටන්කාමී කණ්ඩායමක් දුර්වල කිරීමට හැකි වූ බව අමෙරිකන් යුද හමුදා අණදෙන නිලධාරීහු පවසති.

මේ ත්‍රස්ත කණ්ඩායම කාබුල් නගරයට ප්‍රහාර එල්ල කරන්නේ පාකිස්තානයේ සිට බවට සැක කෙරේ. හෙම්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රබල ත්‍රස්ත ක්‍රියාකාරින් කිහිපදෙනකු ද ඇමෙරිකන් කමාන්ඩෝ භටයන් අතින් මිය ගිය බව වාර්තාවේ.

ලබන වසරේ දී ඇෆ්ගනිස්තානයට 30,000ක අතිරේක ඇමෙරිකන් භට හමුදා එවීමට ජනාධිපති ඔබාමා තීරණයකර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා