එ.ජා.කාර්යාලය අබියස උද්ඝෝෂණය වළකන්න බළ ඇණි

කාශ්මීරයේ දී තරුණයන් 2ක් ඝාතනය වීම

එ.ජා.කාර්යාලය අබියස උද්ඝෝෂණය වළකන්න බළ ඇණි

මෑතදී කාශ්මීරයේදී ආරක්ෂක හමුදාවන් අතින් සිදුවී යැයි පැවසෙන තරුණයන් දෙදෙනකු ඝාතනය වීමට එරෙහිව පෙරේදා එහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අබියසදී උද්ඝෝෂකයන් විරෝධතාවක නියැලීමට සූදානම්ව සිටි අතර එය වළකාලීමට බලධාරීන් විසින් දහස් ගණනක පොලිස් හා හමුදා බලඇණි යොදවා තිබී ඇත.

කාශ්මීරයේ ඉන්දු - පාකිස්තාන බල ප්‍රදේශ වෙන් කෙරෙන පාලන රේඛාවේ සිදුවන සටන් විරාම උල්ලංඝනයන් නිරීක්ෂණය කැරෙන කුඩා එ.ජා.කාර්යාල ප්‍රදේශයට උද්ඝෝෂකයන්ට ඇතුළු විය නොහෙන පරිදි කටුකම්බි බාධක යොදා තිබිණ.

ශ්‍රී නගර්හි පිහිටි මෙම එ.ජා.කාර්යාලය බෙදුම්වාදීන්ගේ උද්ඝෝෂණ වලින් මුදා ගැනීම සඳහා පෙරේදා වසා දමා තිබිණි. නගරයට පෙළපාළි ඇතුළුවීම තහනම් කැර තිබිණි. සිවුදෙනෙකුට වඩා රැස්වීමද රජය විසින් තහනම් කැර තිබිණි.

මධ්‍යස්ත බෙදුම්වාදී නායකයකු වන මිර්වයිස් උමාර් ෆාරුක් පවසා ඇත්තේ, තරුණයින් ඝාතනයට එරෙහිව එ.ජා. කාර්යාලයට පෙත්සමක් බාරදීම ඔවුන්ගේ අරමුණ බවය. තවද ඔහුගේ සමීපතම ආධාරකරුවන් ඉකුත්පස් දින තිස්සේ නිවාස අඩස්සියේ පසුවන අතර සෙසු බෙදීම්වාදීන් රැසක් සිරගත කැර ඇති බවද ඔහු කියා තිබේ.

17 හැවිරිදි හා 14 හැවිරිදි තරුණයන් දෙදෙනකු හමුදාව අතින් ඝාතනය වීම ඔවුන්ගේ උද්ඝෝෂණයට හේතුවී ඇත.

මේ අතර ශ්‍රී‍්‍රනගර් හි ඉකුත්6 දින තිස්සේ නිල නොවන ඇදිරි නීතියක් ක්‍රියාත්මක බවද මේ නිසා ආහාර හා ඖෂධ හිඟයක් ඇතිවෙමින් පවතින බවද නේවාසිකයෝ පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා