කැනඩා හමුදා සේවයේ සිටි හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

කැනඩා හමුදා සේවයේ සිටි හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

කතුන් 2ක් මරා දමලා: 2කට ලිංගික අතවර

කැනේඩියානු අගමැතිගේ සේවයේ නියුතුව සිටි කැනේඩියානු යුද හමුදා අණ දෙන නිලධාරියෙකුට කාන්තාවන් දෙදෙනෙකු මරා දැමීම සහ තවත් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

46 හැවිරිදි කර්නල් රසල් විලියම් මෙම චෝදනා මත ඉකුත් ඉරිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි 28 වෙනිදා ඔහු විසින් මරා දමන ලදැයි සැකකරන කාන්තාවකගේ මළසිරුර ඉකුත් සඳුදා සොයාගෙන තිබේ. ඔහු මරා දැමූ තවත් කාන්තාවකගේ මළසිරුර ඉකුත් නොවැම්බරයේ ඇයගේ නිවසේදී සොයාගෙන ඇත.

මෙතෙක් අභිරහස්ව පවතින තවත් මිනීමැරුම්වලටද මොහු සම්බන්ධ යැයි සැකකරන බව පොලිසිය පවසයි.

කැනේඩියානු අග්‍රාණ්ඩුකාරවරයා සහ අගමැති ගමන් කළ සී. සී. 144 චැලෙන්ජර් ජෙට් යානය පදවා ඇත්තේ මොහුය.

දෙවන එළිසබෙත් මහ රැජින කැනඩාවට පැමිණි අවස්ථාවේදී එහා මෙහා ගමන් කොට ඇත්තේ ද මොහු පැදවූ ගුවන් යානයේයි.

437 ට්‍රෙන්ටන් හමුදා අනු ඛණ්ඩය ද වසර දෙකක් තුළ මෙහෙයවා ඇත්තේ ද මොහු විසිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා