ප්‍රහාරයකින් මුෂාරෆ්ගේ සගයකුගේ දිවි ගැලවේ

ප්‍රහාරයකින් මුෂාරෆ්ගේ සගයකුගේ දිවි ගැලවේ

ආරක්ෂකයන් දෙදෙනෙක් මරුට

පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හා හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ගේ සගයකු වන ෂීක් රෂිඩ් පෙරේදා සිය මැතිවරණ කාර්යාලයේ සිටියදී එල්ල වූ ප්‍රහාරයකදී දිවි බේරාගෙන ඇතත් ඔහුගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ඉන් ඝාතනය වී තිබේ.

ෂීක් රෂිඩ්ගේ පාදයක් තුවාල වී ඇතත් එය වෙඩි පහරකින් සිදුවූවක් නොවන බවද පැවසී තිබේ. රෂික් සිය කාර්යාලයේ සිට මෝටර්රිය වෙත යද්දී නාඳුනන සන්නද්ධ පිරිසක් විසින් ඔහුට වෙඩි තබා තිබේ. ඔහු මුෂාරෆ් රජයේ ප්‍රවෘත්ති ඇමැතිවරයාව සිටියේය.

රාවල්පින්ඩියේ ලබන මස පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටී. මෙම අතුරු මැතිවරණය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු මුත් ආරක්ෂක හේතු මත එය කල්දැමිණ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා