ලොව පුරා අමෙරිකානු ඉලක්කයන්ට පහර දෙන්නැයි ඉල්ලයි

යේමනයේ සිට ක්‍රියාත්මක අල්කයිඩා

ලොව පුරා අමෙරිකානු ඉලක්කයන්ට පහර දෙන්නැයි ඉල්ලයි

යේමනයේ සිට ක්‍රියාත්මක වන අල්කයිඩාව ලොව පුරා ඇති අමෙරිකානු ඉලක්ක වලට පහර දෙන ලෙස ඉකුත් සඳුදා ඉල්ලා ඇත.

දෙසැම්බර් 25 දින අමෙරිකන් ගුවන් යානයක් එල්ල කර ගත් ව්‍යර්ථ වූ ප්‍රහාරයේ වගකීමද අල්කයිඩා සංවිධානය විසින් භාර ගෙන තිබේ.

මෙම අරමුණ පෙරදැරි කරගෙන යේමනයේ මුස්ලිම් ජාතිකයන් එක්සත්ව කටයුතු කළ යුතු බවත් සෙසු අරාබි රටවල්ද එක්සත් වී ‘ජිහාඩි’ වැළඳගත යුතු බවද ත්‍රස්ත නායකයන් ඉල්ලා තිබේ.

මුස්ලිම්වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයට එරෙහිව සටන්වදින ලෙස නායකත්වය අල් අවලක්ගෙන් සංවිධානයෙන් විශේෂයෙන් ඉල්ලා ඇත. එහි නායකත්වය දරන්නේ විප්ලවකාරී යේමන් – අමෙරිකන් පූජකයෙක් වන අන්මා අල් - අමලාකිය.

ඉකුත් නොවැම්බරයේ ටෙක්සාස් වෙත එල්ල කෙරුන මාරාන්විත ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්ත නායක නිඩාල් මලික් හසන් සමග ඔහු සම්බන්ධකම් පැවැත්වූ බවටද විශ්වාස කෙරේ.

ඉකුත් දෙසැම්බරයේ ව්‍යාර්ථ වූ ගුවන් යානා ප්‍රහාරයට සම්බන්ධ නයිජීරියානු සැකකරු ෂාරුක් අබ්දුල් මුටල්ලාබ් සමගද මොහු සම්බන්ධකම් පවත්වා තිබේ.

අල් කයිඩා නායක බින් ලාඩන් විසින් නිකුත් කළ හඬ පටයකින්ද අමෙරිකාවට ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා