සෙබළ බළ ඇණියක් මතට හිම කන්දක් කඩා වැටේ

කාශ්මීර කඳුකරයේ පුහුණුවෙමින් සිටි

සෙබළ බළ ඇණියක් මතට හිම කන්දක් කඩා වැටේ

17ක් මරුට: 17කට තුවාල

කාශ්මීර කඳුකරයේ යුද පුහුණුව ලබමින් සිටි සෙබළුන් 70 කගෙන් යුත් බලඇණියක් මතට පෙරේදා හිම කන්දක් කඩා වැටීමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි හමුදාවෙන් ප්‍රකාශ වී තිබේ.

මේ අනතුර සිදුව ඇත්තේ කෙලන්මාර්ග් කඳුකරයේදීය. මෙහිදී කිසිවකු අතුරුදන් වී නොමැත.

මෙම භට පිරිස ඉන්දීය හමුදාවේ ඉහළ අක්ෂාංශීය යුදශිල්ප පීඨයට අයත් වූවන්ය.

හිමකන්ද කඩා වැටීමෙන් ඔවුන්ගේ ප්‍රධාන කඳවුරට හානියක් සිදුව නැතත් පුහුණු කටයුතුවලට යොදාගත් උපකඳවුරු 4 න් එකක් ගසාගෙන ගොස් ඇත.

ගැලවුම් කණ්ඩායම් සෙසු පිරිස බේරාගෙන ඇති අතර හිම ක්‍රීඩාවේ නියුතු වූවන්ද එම අවස්ථාවේ එහි සිට නැති බව ප්‍රකාශ වේ.

ඉකුත් සිකුරාදා සිට දැඩි හිමපතනයට ගොදුරුව ඇති මෙම ප්‍රදේශයේ තවත් හිමකඳු කඩා වැටීම් සිදුවිය හැකි බවට ආපදා කළමනාකාරිත්ව දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා