ඉරාක ප්‍රහාරයකට අමෙරිකාවට සහාය දැක්වීයැයි බ්ලෙයාර්ට දොස්

ඉරාක ප්‍රහාරයකට අමෙරිකාවට සහාය දැක්වීයැයි බ්ලෙයාර්ට දොස්

2003 දී අමෙරිකන් නායකත්වය යටතේ අමෙරිකාව ඉරාකයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයට සහාය දැක්වීම සම්බන්ධයෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් දැඩි දෝෂ දර්ශනයට භාජනයවී තිබේ.

මෙය ප්‍රෝඩාකාරි, කුමන්ත්‍රණයක් බවට කෙරෙන චෝදනාවලට එරෙහිව බ්ලෙයා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇත.

මීට දින 10 ට ඉහතදී මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේදී බ්ලෙයා සාක්ෂි දීමෙන් අනතුරුව ෆොක්ස් නිව්ස් මාධ්‍යයට මෙම අදහස් පළකර තිබිණි.

හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන් බලයෙන් පහකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බව බ්ලේයා පවසා තිබේ. සාක්ෂි දීමෙන් අනතුරුව උසාවියෙන් නික්ම යන බ්ලෙයාර්ට ‘බොරුකාරයා’ , ‘ මිනී මරුවා’ කියා මියගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ඥාතීන් කෑ ගසා තිබේ.

2003 ඉරාක ආක්‍රමණයට වැඩියෙන්ම භටයන් සපයන ලද්දේ බ්‍රිතාන්‍යයයි. එක් අවස්ථාවකදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 46,000 පමණ ඉරාකයේ රැඳී සිට ඇත. ඉරාක ගැටුම් 2009 දී නිමවූ පසුව භටයන් සුළු පිරිසක් හැර සෙසු සියලු භටයන් යළි මව් බිමට කැඳවා ගන්නා ලදී. මෙම ගැටුම්වලදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 179 පමණ මිය ගියහ.

ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට එරෙහිව ඉරාකය ස්ථාවර කිරීම සාර්ථක පියවරක් ලෙස බ්ලෙයා දකී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා