යුරේනියම් බලගැන්වීම ඉදිරියටත් ගෙන යනවා

යුරේනියම් බලගැන්වීම ඉදිරියටත් ගෙන යනවා

ඉරානය කියයි

ස්වකීය යුරේනියම් බලගැන්වීමේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව සහ ප්‍රංශය ඉරානයට විරුද්ධව සම්බාධක පැනවීමට ප්‍රබල බලපෑම් කර තිබේ. ඉරානය න්‍යෂ්ටික අවිආයුධ තැනීමේ ප්‍රයත්නයක යෙදෙන බවට බටහිර ජාතීහු සැක මතු කරති.

ඉරානයට එරෙහිව ප්‍රබල සම්බාධක පැනවිය යුතු බවට ප්‍රංශ අගමැති සාකෝසි සහ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් එකඟත්වයකට පත්වී සිටිති.

ජාත්‍යන්තර පරමාණු බල අධිකාරිය සහ බටහිර ජාතින් එළඹි එකඟතාවයකට අනුව, යුරේනියම් 3.5% ක් රුසියාවට සහ ප්‍රංශයට යවා බලගැන්වීමෙන් අනතුරුව ඉන්ධන වශයෙන් යළි ඉරානයට එවීමට එකඟවී තිබිණි. එහිදී යුරේනියම් බලගැන්වීමට නියමිත වූයේ 20% කිනි. එහෙත් න්‍යෂ්ටික ආයුධ තැනීමට යුරේනියම් 90% බලගැන්විය යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා