කැනඩාවේ විහාරස්ථානවලට යවන බව කියා භික්ෂූන්ගෙන් මුදල් වංචා කරලා

කැනඩාවේ විහාරස්ථානවලට යවන බව කියා භික්ෂූන්ගෙන් මුදල් වංචා කරලා

භික්ෂූවක ලෙස පෙනී සිටිමින් භික්ෂූන් වහන්සේ කැනඩාවේ විහාරස්ථාවලට යවන බව කියා වංචා සහගතව මුදල් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි අයකු ජූනි මස 07 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කෙළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ මීගමුවේ පදිංචි සිටින සංජීව ප්‍රනාන්දු නම් අයෙකු වන අතර ඔහු බෞද්ධයෙකු නොවන බවත් විහාරස්ථානවල රැඳී සිට බෞද්ධ ආගමික වතාවත්වලට පවා සහභාගී වී ඇති බවත් අනාවරණය වී ඇත.

කළුතර පලාතොට ගංගාරාම විහාරයේ වෙසෙන බංග්ලාදේශ හිමිවරුන් දෙනමකගෙන් මෙසේ මුදල් ලබාගෙන තිබේ.

කළුතර විශේෂ වංචා විමර්ශන එකකයේ ස්ථානාධිපති ඩී. ඩී. මනතුංග, උප පොලිස් පරීක්ෂක එෆ්. රාජේන්ද්‍ර කඳනආරච්චි මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා